නොකියා 5800 ජංගම දුරකථනයේ නවතම මෙහෙයුම් පද්ධති(OS) සංස්කරණය පසුගිය දා නිකුත් කෙරුනි. මෙම සංස්කරණය 51.0.006V ලෙස හදුන්වා දී ඇති අතර මෙහි වේගවත් කරන ලද අන්තර්ජාල බ්‍රවුසරයක්,විද්‍යුත් තැපැල් මෘදුකාංගයක් සහ වීඩියෝ දුරකථන සංවාද පහසුකම් ඇති බව නොකියා සමාගම පවසනවා. මීට අමතරව සාමාන්‍ය ක්‍රියාකාරිත්වයේ ද සැලකියයුතු වේගවත් වීමක් ඇතැයි නොකියා සමාගම පවසනවා.














මෙම සංස්කරණය ලබා ගැනීම සදහා ඔබේ දුරකථනයටත් හැකියාව ඇත්දැයි සොයා බැලීම සදහා #0000# ඇතුලත් කර එහි ඇති Options මෙනුවේ ඇති Check for Updates යන්න තෝරා ගන්න. මෙහිදී ඔබේ ජංගම දුරකථනය සේවා සැපයුම් කරු සමග සම්බන්ධ වී අවශ්‍ය මෘදුකාංගය බාගත කරයි. මේ සදහා සැලකිය යුතු කාලයක් ගත වන බව සදහන් කල යුතුමයි. මීට හේතු වන්නේ බාගත වන මෘදුකාංගයේ විශාලත්වය වන අතර මෙහි ප්‍රමාණය ඔබේ දුරකථනයේ දැනට ස්ථාපනය කර ඇති සංස්කරණය මත වෙනස් විය හැක. මේ සදහා වඩාත් සුදුසු ක්‍රමය වන්නේ මෙම යාවත්කලීන(Update) කිරීම පරිගණකයක් හරහා සිදු කිරීමයි.
සැලකිලිමත් විය යුතු කරුණු
1. ජංගම දුරකථනයේ බැටරිය හොදින් ආරෝපනය වී තිබීම.
2. පරිගණකය හා ජංගම දුරකථනය අතර ලුහුවත්(Short Circuit) නොවන සම්බන්දකයක් තිබීම
3. වේගවත් අන්තර්ජාල සබදතාවයක් තිබීම.
4. පරිගණකය සදහා UPS එකක් තිබීම. (Laptop/Notebook එකක් නම් වඩාත් සුදුසුයි )